මේ සටහන කොතැනින් කොහොම පටන් ගන්නවා දැයි නිශ්චිත අදහසක් මට නැත. එහෙත් ලිවිය යුතුම බව පමණක් දන්නා නිසා ලියන්නට පටන් ගතිමි.ජල ධාරිතාව වැඩි වන විට ජලාශවල වාං දොරටු විවර කරන්නාක් මෙන්, මගේ සිතිවිලි ජලාශය ද දැන් පිටාර ගැලීමට සූදානම් හෙයින් එහි දොරගුළු විවර කළ යුතුමය. එකින් එක පොරකමින්, තෙරපෙමින් එළියට ඒමට දඟලන නේක සිතිවිලි දැන් දැන් මා විඩාවට පත් කරනවා වැනි යැයි මට හැඟෙයි. ඉතින් කැමති නම් කියවන්න

Wednesday 13 January 2021

අම්මා



නොමැකෙන රූප රාමු පෙළක්

පිළිවෙළක් නැති ලෙසින්

මනස් දොර අභියස

රඟ දෙද්දී

දෙඇස් රතු වෙන්නට

ඉඩ නොදී

වළකාලමි

හිනැහෙමි

තැවෙමි

හිතන්නට හිතට

තත්පරයක ඉඩක්වත්

නොදෙමි

දිනෙන් දින

පැයෙන් පැය

තත්පරයක ඇසිල්ලක

නික්ම යාමට

සැරසෙන ඔබට

ඉඩ දී නිහඬ වෙමි

 

 

 


අම්මා

නොමැකෙන රූප රාමු පෙළක් පිළිවෙළක් නැති ලෙසින් මනස් දොර අභියස රඟ දෙද්දී දෙඇස් රතු වෙන්නට ඉඩ නොදී වළකාලමි හිනැහෙමි තැවෙමි හිත...