තාත්තාගේ ආදරේ
මගේ ජීවිතේ ඇතුළේ සදාකාලික හීනයක් වුණත් ආදරේ කියන පොදු වචනෙත් ඒ හීනෙටම එකතුවෙයි කියලා මම හිතුවද? නැද්ද?
අල්තීනායි
නුඹේ ජීවිතේ
පළමුවෙනි
වතාවට
නුඹේ හද
උණුසුම් කළ
ඒ වචන
අයිති
දුයිෂෙන්ගෙ
හදවත
ගැහෙන හඬ
නුඹට වගේම
දැනෙනවා මට
ජීවිතේ
කවදාහරි දවසක
නුඹට වගේම
ඒ අතීතය
දිග හරින්න
දවසක්
මටත් ඒවියැයි
හිතනවා මම
අල්තීනායි,
නුඹට තියෙන්නේ අතීත වේදනාවක්. දුයිෂෙන් තනි වුණත් ඔහු ඉන්නේ සතුටින්. ඒ ඔහු ආදරණීය
මිනිසෙක් නිසා. නුඹත් කොයිතරම් නම් ආදරණීය ගැහැනියක්ද, එදා ඒ ඈයෝ නුඹව ඇදගෙන යනකොට
නුඹ කෑ මොර දුන්නේ නුඹේ ආදරණීය ගුරුතුමා වෙනුවෙන් නේද? ඔහු වේදනා වින්දෙත් නුඹේ
නිදහස වෙනුවෙන් නේද? එහෙනම් ඒක ද ආදරය?
ගුරු ගීතය
කියවන වාරයක් පාසා හිත කකියවන මේ හැඟීම හැමෝටම දැනෙනවද? එහෙම නැත්නම් දැනුණත්
නොදැනුණා වගේ ඉන්නවද?
No comments:
Post a Comment