මේ සටහන කොතැනින් කොහොම පටන් ගන්නවා දැයි නිශ්චිත අදහසක් මට නැත. එහෙත් ලිවිය යුතුම බව පමණක් දන්නා නිසා ලියන්නට පටන් ගතිමි.ජල ධාරිතාව වැඩි වන විට ජලාශවල වාං දොරටු විවර කරන්නාක් මෙන්, මගේ සිතිවිලි ජලාශය ද දැන් පිටාර ගැලීමට සූදානම් හෙයින් එහි දොරගුළු විවර කළ යුතුමය. එකින් එක පොරකමින්, තෙරපෙමින් එළියට ඒමට දඟලන නේක සිතිවිලි දැන් දැන් මා විඩාවට පත් කරනවා වැනි යැයි මට හැඟෙයි. ඉතින් කැමති නම් කියවන්න

Friday 29 May 2020

පොළොවෙන් අහසට



අදත් මැයි 29
අදින් අවුරුදු 29 කට පෙර
අද වගේම මැයි 29 වැනි දාක


වැදූ මවටත් අහස් කුසටත්
නිමක් නැති දොස් පැවරෙනා
වැස්ස තිබුණත් එය නොතිබුණත්
සියලු දොස් වුව විඳවනා
විසල් මිහිමත සියල් සැමදෙය
ආදරෙන් නුඹ සුරකිනා
නිසල් සිතිවිලි නුඹේ දසුනින්
නිරන්තරයෙන් මතුවෙනා

ඉරත් නුඹගෙයි සඳත් නුඹගෙයි
තරුත් නුඹටම නතු වුණා
කොතෙක් සෙනෙහෙන් එදෙසෙ බැලුවත්
අයිති කරගනු බැරිවුණා
විසල් තුරුමත නුඹේ කඳුළැලි
බිඳෙන් බිඳ එක්තැන් වුණා
මහ පොළොව මම
බොහෝ දුර ඉඳ
අහස නුඹ දැක තුටුවනා

No comments:

Post a Comment

අම්මා

නොමැකෙන රූප රාමු පෙළක් පිළිවෙළක් නැති ලෙසින් මනස් දොර අභියස රඟ දෙද්දී දෙඇස් රතු වෙන්නට ඉඩ නොදී වළකාලමි හිනැහෙමි තැවෙමි හිත...